2020 වර්ෂයේ මත්පැන් විකිණිම සඳහා වූ බලපත්‍ර ලත් ස්ථාන වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.
මීට අමතරව, කෙටිකාලීන දැන්වීමකින් මත්පැන් අලෙවිහල් වැසීමට රජය අදහස් කරන අවස්ථාවලදී එම නිවේදනය ජන මාධ්‍යයන් ඔස්සේ ප්‍රකාශයට පත් කරන බවද සුරා බදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එවැනි අවස්ථා වලදී මත්පැන් විකිණීම සඳහා බලපත්‍රලත් ස්ථාන වැසීමට ක්‍රියා කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.




