නව කොරෝනා වෛරසය ආසාදනයෙන් චීනයේ සිදුවූ මරණ සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට ලොවපුරා වාර්තා වී ඇති වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 7 700 කට ආසන්නයි.
මේ අතර වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍යය බවට ෆින්ලන්තය පත්ව තිබේ.
චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වූ කොරොනා වෛරස ආසාදනය අද වන විට ලෝකයේ රටවල් රැසක් වෙත ව්‍යාප්ත වී පවතියි.
මෙසේ වෛරස ආසාදිතයෙක් වාර්තා වූ නවතම රාජ්‍ය වන්නේ ෆින්ලන්තයයි.
එහි සංචාරය සඳහා මීට දින කිහිපයකට පෙර වූහාන් සිට පැමිණි 32 හැවිරිදි කාන්තාවක් මෙසේ වෛරස ආසාදනයෙන් පෙළෙන බව එරට වාර්තා අද අනාවරණය කෙරුණි.
මේ අතර නව කොරෝනා වෛරස ආසාදනය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ගතවූ දින 3ක කාලය තුළ කැපී පෙනන ලෙසින් වර්ධනය වී තිබේ.
එමෙන්ම ලොව පුරා වෛරස අසාදිතයන් වාර්තාවීමේ ද ශීඝ්‍ර වර්ධනයක්ද දක්නට ලැබෙයි.
මෙම තත්ත්වය සලකා සමස්ත ලෝකය දැඩි සේ අවදානයෙන් පසුවිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සෞඛ්‍ය වැඩසටහනේ ප්‍රධානියා අවධාරණය කළේය.
එමෙන්ම කොරෝනා වෛරසයේ නවතම තත්ත්වය පිළිබද සොයාබලා එය ගෝලීය සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් ලෙසින් නම් කළ යුතුද නැතිද යන්න ඉදිරියේදී තීරණය කරන බවත් එම ආයතනය පවසයි.
මේ අතර චීනය වෙත ගුවන් ගමන් අවලංගු කිරීමට ලෝකයේ ප්‍රධාන ගුවන් සමාගම් කිහිපයක් තීරණය කර තිබේ.
එමෙන්ම චීනයේ ඇති සිය කාර්යාල වසා දැමිමට ගූගල් සමාගමද තීරණය කර ඇති අතර සමාගම පවසන්නේ, සිය සේවකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගත් බවයි.
තවද චීනයේ නැන්ජියෑන් නුවරදී පැවැත්වීමට නියමිතව පැවැති ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා තරගාවලියද ද කල්දැමීමට බලධාරීන් තීන්දු කර තිබේ.
අදාළ තරගාවලිය ලබන මාර්තු මස 13-15 කාලසීමාවේදී පැවැත්වීමට නියමිතව පැවතියා.
මේ අතර ගත වූ දින හතර තුළ චීනයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
චීනයේ ග්වැන්ෂෝහි උසස් අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් 25 දෙනෙකු පමණ අද අලුයම දිවයිනට පැමිණියේය.
මේ අතර කොරෝනා වෛරසය පිළිබඳ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ඊයේ එම පරිශ්‍රෙය්දී සිදු කෙරුණි.




