මුඛ ආවරණ පැළදීම අනවශ්‍යයි – මහින්ද යාපා

Share

කොරෝනා වෛරසය පිළිබඳව අනියත බියක් ඇතිකර ගනිමින් මුඛ ආවරණ පැළදීම අනවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

 

මාතර පැවති වැඩ සටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රටේ සෞඛ්‍ය සේවාව ඉතාමත් ඉහළ මට්ටමේ පවතින බැවින් බරපතළ තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නැති බවත් තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකියාව ඇති වෛද්‍යවරු රට තුළ සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

රට තුළින් හමුවු එකම කොරෝනා රෝගියාත් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත් දැන් පවතින්නේ කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News