කොස්ගොඩ සුජීගේ සමීපතමයෙක් අත්අඩංගුවට

Share

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජී නමැත්තා සමඟ විවිධ අපරාධ ක්‍රියාවන්වලට සම්බන්ධ වූ පුද්ගලයෙකු අහුංගල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

 

පොලිස් විශේෂ කාර්යය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරින්ට ලද තොරතුරක් මත අහුංගල්ල වෙරළ තීරයේ සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 01යි මිලිග්‍රෑම්700ක් සොයාගෙන ඇති අතර සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී ඔහුගේ කොස්ගොඩ පිහිටි නිවසේ තිබී විදෙස් රටක නිෂ්පාදිත නීති විරෝධි වායු රයිෆලයක් සොයාගෙන ඇත.

අදාල සැකකරු මේ වන විට විදෙස් ගතව සිටින ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජී නමැත්තා සමඟ සම්බන්ධ වී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ විවිධ අපරාධ ක්‍රියාවන්වල නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවයි පොලිස් විශේෂ කාර්යය බලකාය පැවසුවේ.

Read more

Local News