රටේ දියුණුව වෙනුවෙන් පක්ෂ පාට භේද පසෙකලා සියලු දෙනා එක්විය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
පටු දේශපාලන අරමුණ වෙනුවෙන් කටයුතු කළ හොත් රට තවදුරටත් පසුගාමී තත්ත්වයකට පත්වෙනු ඇති බවයි හෙතෙම පවසන්නේ.
පොලොන්නරුවේ පැවැති ජන හමුවක් අමතමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේය.



