21 වන සියවසේ තුන්වන දශකය ශ්‍රී ලංකාවේ සංවර්ධන දශකය බවට පත් කිරීමට වත්මන් ආණ්ඩුවට හැකියාව පවතින බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.
ඇල්පිටියේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, ලංකාව මැදි ආදායම් ලබන තත්ත්වයෙන් ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කරන බවයි.
එම සිහිනය සැබෑ කර ගැනීමට නම් දරුවන්ට නැණ ගුණ සපිරි අධ්‍යාපනයක් ලබා දීම තුළින් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
විෂය භාහිර කුෂලතාවන්ගෙන් සපිරි දරු පිරිසක් නිර්මාණය කළ යුතු බවත් පැවසු ඒ මහතා, අධ්‍යාපනයේ සැබෑ නිදහස දරුවන්ට උරුම කර දීමට අවශ්‍ය බොහෝ වැඩසටහන් වර්තමාන අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ක්‍රියාත්මක කර ඇති බවත් කියා සිටියේය.



