අධිකරණයේ පැවති දූෂිත පැතිකඩ රටට හෙළිදරව් වුනා

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට හරහා මෙරට අධිකරණ පද්ධතියේ පැවති දූෂිත පැතිකඩ රටට හෙළිදරව්වූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

 

ගාල්ල ප්‍රදේශයේ ඊයේ(30) පස්වරුවේ පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

හඬපට හරහා ඇතැම් පුද්ගලයින් වීරයේ වූ බවත් ඇතැම් පුද්ගලයින් ද්‍රෝහියෝ වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම්වරයා පැවසීය.

කුමාර් ගුණරත්නම් මහතා පවසා සිටියේ මෙම හඬපට හරහා නැවතත් ජනතාවට හෙළිදරව්වී ඇත්තේ පවතින ක්‍රමය කොපමණද යන්න වගයි.

Read more

Local News