ශ්‍රීලනීපයේ හා පොහොට්ටුවේ ගැටලු ඉවරයිද ?

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුලු පක්ෂ සන්ධාන ගතවීම පිළිබඳව තිබූ නෛතික ගැටලු විසඳා ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍යහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පොදුජන එක්සත් පෙරමුණේ තිබු පුරප්පාඩු පුරවා ප්‍රතිසංවිධාන කටයුතු සිදු කළ බවත් එහි නාමය වෙනස් කිරීම ද සිදු වු බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ.

ඒ සඳහා ඊයේ පැවති සම්මේලනයේ දී සියලු දෙනා ඊට ඒකමතිකව එකඟ වු බවත් කෙසේ වෙතත් පක්ෂයේ ලකුණ ඒ ආකාරයෙන්ම පවතින බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News