චීනයේ වුහාන් නගරයේ රැදී සිටින සිසුන් මෙරටට රැගෙන ඒම සඳහා එරට බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානය තවත් හොරා දෙකකින් පමණ මෙරටට පැමිණිමට නියමිතව තිබේ.
එහි රැදී සිටි ශ්‍රි ලාංකික සිසුන් 33 දෙනා ද රැගෙන අදාල ගුවන් යානය අද (01) පෙරවරු 07.40ට පමණ මත්තල ගුවන්තොටුපල වෙත පැමිණිමට නියමිත බව වාර්තා වේ.
චීනයේ වුහාන් හි රැඳී සිටි සිසුන් ශ්‍රි ලංකාවට රැගෙන ඒම සඳහා ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1422 දරණ විශේෂ ගුවන් යානයන ඊයේ (31) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබුණි.
එම ගුවන් යානය ඊයේ රාත්‍රී 09.20ට පමණ වුහාන් ගුවන්තොටුපෙළ වෙත ගොඩබස්වනු ලැබුවේය.
පසුව එම ගුවන් යානය එහි සිටි ශ්‍රී ලාංකික සිසුන් දරැගෙන වූහාන් ගුවන්තොටුපොළෙන් ඊයේ රාත්‍රීයේ මෙරටට බලා පිටත්ව තිබුණි.
ඒ අනුව මෙරටට පැමිණෙන සිසුන් දියතලාව යුද හමුදා රෝහලට ඇතුළත් කිරිමට නියමිත අතර එහි සති දෙකක පමණ කාලක් එහි රදවා තැබිමට නියමිතයි.



