කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් සුව කිරීමට සමත් බටහිර හා දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කැඳවා තොරතුරු ලබා ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය, විදේශ සබඳතා සංචාරක සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් සහ නිලධාරින් සමඟ ඊයේ (31) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී මෙම උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
කොරෝනා වෛරසය ශරීරගත වූ පළමු රෝගියා මේ වන විට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන අතර වෛරසය පැතිරයාම වළක්වා ගැනීමට ද වෛද්‍යවරුන්ට හැකිවී තිබේ.
පූර්ණ කැපවීමෙන් ඊට සහාය වූ සියලු ක්ෂේත්‍රවල පිරිස් වෙත ජනාධිපතිවරයා එහිදී සිය ප්‍රසාදය පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.
ජනතාව ආරක්ෂා කර ගැනීමට එම ක්‍රියාමාර්ග අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස උපදෙස් ලබාදුන් ජනාධිපතිවරයා කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීමටත්, චීනයේසිටි සිසුන් මෙරටට රැගෙන ඒමටත් විශේෂඥ කමිටුව ගත් ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී ජනාධිපතිවරයා විමසා තිබේ.
වුහාන් නගරයේ සිට සිය රට පැමිණෙන සිසුන්ට අවශ්‍ය සියලු පහසුකම් උපරිමයෙන් ලබාදී ඔවුන් රැකබලා ගන්නා ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්.
සංචාරක කර්මාන්තය ආරක්ෂා කරමින් වත්මන් තත්ත්වයට මුහුණදීමට ගත යුතු පියවර ගැන ද එහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
රෝග පරීක්ෂණය සඳහා සහ රෝහල්වල පහසුකම් හැකි උපරිමයෙන් පුළුල් කරන ලෙස ද ජනාධිපතිවරයා එහිදී බලධාරින්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේය.



