චීනයේ වූහාන් සිටි සිසුන් 33ක් දිවයිනට

Share

චීනයේ වුහාන්හි රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනාරැගත් ගුවන් යානය මත්තල ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබේ.

 

ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 1423 දරණ විශේෂගුවන් යානයන  පෙරවරු 07.45ට පමණ මත්තල ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්ස වූ බව අප වාර්තාකරු පැවසුවේය.

එම සිසුන් 33 දෙනා දියතලාව යුද හමුදා රෝහල වෙත රැගෙනයාම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති අතර ඔවුන් එහි සති දෙකක පමණ කාලයක් රදවා තැබිමට නියමිතයි.

ඒ අනුව මේ වන විට චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් 604 දෙනෙකු මෙරටට එවා ඇති බව බීජිං හි ශ්‍රී ලංකාවේ වැඩබලන තානාපති කේ.කේ යෝගනාදන් මහතා පැවසුවේය.

තවත් සිසුන් 204 දෙනෙකු චීනයේ රැදී සිටින අතර ඔවුන් ද ඉදිරි දින කිහිපය තුළ මෙරටට ඒවිමට කටයුතු සූදානම් කර ඇති බව කේ.කේ යෝගනන්ද මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Read more

Local News