වෛරසය ආසාදනයවූ 213 දෙනෙකු මේ වනවිට මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛරසය ආසදානයවී ඇතැයි, තහවුරුවී ඇති සංඛ්‍යාව 9,962කි.
චීනය හැර රටවල් 22 කින් අද පස්වරුව වනවිට රෝගීන් වාර්තාවී තිබිණ.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, රෝගීන් දෙදෙනකු තම රටෙන් හමුවූ බවයි.
ඒ සමග බ්‍රිතාන්‍යය කොරෝනා වෛරසය වෙනුවෙන් පැනවූ අවදානම් මට්මට පහළ මට්ටමේ සිට මධ්‍යම මට්ටම දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.
චීනයට යාමෙන් වළකින ලෙස අමෙරිකානු රජය එරට පුරවැසියන්ට නව අනතුරු ඇඟවීමක් නිකුත් කළේ ය.
ඉතාලියට පැමිණි චීන සංචාරකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප්පේ කොන්ටේ නියෝග කළේ, ඉතාලිය සහ චීනය අතර සියලු ගුවන් ගමන් නවතා දමන ලෙසයි.




