ජාතික නිදහස් දින ආචාර පෙළපාලියේ පුහුණු කටයුතු හේතුවෙන් අද පාසල් 15 ක් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ ජාතික දින ආචාර පෙළපාලියේ අවසන් පුහුණු කටයුතු අද උදෑසන සිට සිදු කෙරෙන අතර ඒ, හේතුවෙන් මතුවිය හැකි රථවාහන තදබදය අවම කිරීම සඳහා නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව පිහිටා ඇති පාසල් 15 ක් එලෙස වසා තැබෙන බව ය.
ඒ අනුව, කොළඹ, ඩී එස් සේනානායක විද්‍යාලය, රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, යශෝධරා විද්‍යාලය, මියුසියස් විද්‍යාලය, සෙන්ට් බ්‍රිජට්ස් විද්‍යාලය, කොළඹ ලේඩ්ස් කොලේජ්, කොළඹ ජාත්‍යන්තර විද්‍යාලය හා විචලි ජාත්‍යන්තර පාසල අද දිනයේ වසා තැබෙනු ඇති.
එමෙන්ම, පුහුණු කටයුතු සඳහා සහභාගී වන ආරක්ෂක අංශ නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් කොළඹ මහානාම, පොල්වත්ත ශාන්ත මයිකල් පිරිමි විද්‍යාලය සහ පොල්වත්ත ශාන්ත මේරි කාන්තා විද්‍යාලය, කණිෂ්ඨ විද්‍යාලයද ඇතුළු පාසල් හෙට සවස 5 දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
එම අමාත්‍යාංශය පැවසුවේ කොළඹ 12 මිහිඳු මහා විද්‍යාලය, කොළඹ 10 අල් හිදායා විද්‍යාලය සහ කොළඹ 10 අශෝක විද්‍යාලය ද අද පෙරවරු 9.00 සිට පෙබරවාරි හෙට රාත්‍රිය දක්වා නිවාඩු ලබාදීමට කටයුතු යොදා ඇති බව ය.
එලෙස නිවාඩු ලබාදීමත් සමග සිසුන්ට මඟහැරෙන ඉගැන්වීම් කටයුතු වෙනත් දිනයක් යොදා ගනිමින් ආවරණය කරන ලෙස ද සියලු පාසල් ප්‍රධානීන් වෙත දැනුම්දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.



