රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා පස්දින සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.
අද(03) පෙරවරු 08.35ට පමණ ඔහු දිවයිනට පැමිණි බව අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේය.
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයකට අනුව රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී මෙරටට පැමිණෙන බව යුද හමුදා මූලස්ථානය සඳහන් කළේය.
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සල්යුකොව් මහතා ඇතුළු නියෝජිතයින් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සහ ත්‍රීවිධ හමුදාපතිවරුන් සමඟ සාකච්ඡා කිරීමට නියමිතයි.
ජාතික නිදහස් දින පෙළපාලියේ විශේෂිත අමුත්තෙකු ලෙසද ඔහු සහභාගී වෙයි.
යුද හමුදා මූලස්ථානය ප්‍රකාශ කළේ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානියා ජයවර්ධනපුර යුද හමුදා ස්මාරකයට පුෂ්පෝපාහාර දැක්වීමටත්, සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්ෂණය කිරීමටත් සහභාගී වන බවයි.



