ජා ඇල පොලිස් වසමේ නිවන්දම බටත්ඔයේ පාලම අසළ ඇති ඇත්අඩිය නමින් හඳුන්වන ස්ථානයේ දිය නෑමට ගිය පිරිසක් අතරින් එක් තරුණයෙකු දියේ ගිලී මියගොස් ඇත.
මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 17ක් වු කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු වෙනුවෙන් රාගම රෝහලට රැගෙන ගොස් ඇත.
ජා ඇල පොලීසිය විසින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.



