තෙත්බිම්වල වැදගත්කම පාසල් විෂයක් ලෙස හඳුන්වාදිය යුතුයි

Share

මෙරට තෙත්බිම් වල වැදගත්කම සහ එහි ප්‍රයෝජන පාසල් විෂයක් ලෙස හඳුන්වාදීම ඉතා වැදගත් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

 

ජාතික තෙත්බිම් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ජාතික තෙත්බිම් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වුණි.

මීට සමගාමිව සමරු මුද්දරයක් නිකුත් කිරිමද සිදුකෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ඒ මහතා පැවසුවේ රාජ්‍ය මැදිහත්වීමෙන් කළ සංවර්ධන කටයුතු හේතුවෙන් ද තෙත් බිම් විනාශ වී ඇති බවයි.

මේ හේතුවෙන් ස්වභාවික ආපදාවලින් වැළකීමට ස්වභාවිකවම ඇති වී තිබු ඉඩ කඩ ඇහිරී ගොස් ඇති බවත් එබැවින් විෂයක් ලෙසින් කුඩා කල සිටම තෙත් බිම්වල වැදගත්කම දරුවන්ට ඉගැන්විය යුතු බවත් ඒ මහතා කියා සිටියේය.

Read more

Local News