පූජිත් – හේමසිරි යළි රිමාන්ඩ්

Share

සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩුු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු මේ මස 05 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

 

මෙම පැමිණිල්ල අද(03) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.අයි. කේ. කාහියන්ගල මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවේය.

එහිදී සැකකාර හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් මේ මස 05 වනදා කොළඹ මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙන බව දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම නඩුව ද මේ මස 05 වනදා පස්වරුවේ කැඳවීමට පියවර ගන්නා ලෙසයි එම නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එම නඩුව නැවත ලබන පස් වනදා කැඳවීමට නියම කළ අතර එතෙක් සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.

Read more

Local News