රත්නප්‍රිය ලබන බදාදා දිවුරුම් දෙයි

Share

සමන් රත්නප්‍රිය සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම ලබන 05 වැනිදා සිදු කෙරේ.

 

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට සමන් රත්නප්‍රිය සිල්වා මහතා පත්කරන ලෙස,  එම  පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා  දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

Read more

Local News