ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපතිවරයා වන කපිල චන්ද්‍රසේන මහතා සහ ඇගේ බිරිඳ ප්‍රියංකා නියුමාලි විජේනායක අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට උපදෙස් ලබා දී තිබේ.
ගුවන් යානා මිලදී ගැනීමක් සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර්බස් සමාගම අතර ඇතිවූ ගනුදෙනුවකදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් භාර දෙනු ලැබු විමර්ශන වාර්තා සළකා බැලීමෙන් පසු නීතිපතිවරයා විසින් මෙසේ උපදෙස් ලබා දී ඇත.



