එජාපය මැතිවරණයට අලියා ලකුණින්

Share

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අලියා ලකුණින් තරඟ කිරීමට බහුතරයේ කැමැත්ත හිමි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා පවසයි.

 

සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 58 දෙනෙකු පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී මැතිවරණයට ඉදිරිපත් වන ලකුණ පිළිබඳ සාකච්ඡා කළ බවත් ඔවුන් සියලු දෙනාගේම කැමැත්ත අලියා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වීම බවත් ඒ මහතා කියා සිටියේය.

ඉතුරු මන්ත්‍රීවරු 19 දෙනාගේ මතය දැනගැනීම පමණක්  ඉතුරුව ඇති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

ඉතිහාසයේ සිටම පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ විට පමණක් හංසයා ලකුණින් මැතිවරණයට ඉදිරිපත් වු බවත් මන්ත්‍රී පාලිත රංගේබණ්ඩාර මහතා කියා සිටියේය.

Read more

Local News