අගමැතිගේ නිදහස් දින සුබපැතුම් පණිවිඩය

Share

72 වන නිදහස් දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ අප ඉදිරියේ පවතින්නේ දේශපාලනය හේතුවෙන් අඩාල වූණු ආර්ථික ප්‍රගතිය නැවත රටට ලබාදීමේ අභියෝගය බවයි.

 

ජනතාව තුළ ඇතිවී තිබෙන රට ගොඩනැගීමේ උද්යෝගය හේතුකොට ගනිමින් ශ්‍රී ලංකාව යළිත් වරක් ස්වර්ණමය යුගයකට එළඹෙමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

සියලු ජනවාර්ගිය කොටස් මෙන්ම සියලු ආගම්වලට අයත් ජනතාව රට ගොඩනැගීමේ මහා ව්‍යපෘතියට දායක වනු ඇති බවට තමා විශ්වාසය පල කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිදහස් දින සුබපැතුම් පණිවිඩය මගින් වැඩිදුරටත්  පෙන්වා දෙයි.

මේ අතර 72 වන නිදහස් දිනය වෙනුවෙන් මහනාහිමිවරුන්, අගරදගුරුතුමන් ඇතුළු අන්‍යාගාමික නායකයින් රැසක් සිය සුබපැතුම් එක්කර තිබේ.

මේ අතර නිදහස් දින සැමරුම් උළෙලට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පැල සිටුවීමේ ව්‍යාපෘතියක් සංවිධානර කර ඇති බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

උදෑසන 8.30ට ‍යෙදෙන සුබමොහොතින් එම පැල සිටුවීම ආරම්භ කෙරෙන බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News