සිරකරුවන් 512කට ජනපති පොදු සමාව

Share

අදට යෙදෙන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිරකරුවන් 512කට පොදු සමාව ප්‍රදානය කර තිබේ.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත ඇති බලතල ප්‍රකාරව සහ අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නිර්දේශ මත මෙම පියවර ගෙන ඇත.

සොරකම්, විශ්වාසය කඩකිරීම සහ බීමත්ව රිය පැදවීම වැනි සුළු වැරදි යටතේ සිර දඬුවම් විඳින පුද්ගලයන්ට සමාව හිමිව ඇත.

බරපතළ අපරාධ එනම් ස්ත්‍රී දූෂණ, සොරකම්, බරපතළ ලිංගික අපයෝජන සහ අල්ලස් ගැනීම වැනි චෝදනා යටතේ යටතේ සිර දඬුවම් විඳින කිසිවෙක් ඔවුන් අතර නොවෙති.

මේ වසරේ ජනවාරි 31 වනදා වන විට බන්ධනාගාරය තුළ රැඳී සිටි සිරකරුවන්ට සමාව හිමි වන අතර එය අද(04) සිට බලාත්මක වේ.

Read more

Local News