ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය පුරවැසියෙක්ට මුදල් විශුද්ධිකරණ චෝදනාවට වසර 7ක සිරදඬුවමක්

Share

අමෙරිකානු සමාගමක ඊමේල් පද්ධතිය හරහා අමෙරිකානු ඩොලර් මිලියන ගණනක මූල්‍ය වංචාවක් සිදු කළ ශ්‍රී ලංකාවේ උපන් බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට සිරදඬුවමක් හිමිව තිබේ.

 

බ්‍රිතාන්‍යයේ කර්නාර්ෆෝන් ක්‍රවුන් අධිකරණය මඟින් වසර 07යි මාස 08ක සිරදඬුවක් මෙලෙස හිමිව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මුදල් විශුද්ධිකරන යන චෝදනාව යටතේ බ්‍රිතාන්‍යයේ පෝර්ටන්ඩෝග් හි පදිංචිව සිටි 41 හැවිරිදි මයිකල් කිනානෝ නැමැති පුද්ගලයාට මෙම දඬුවම හිමිව තිබේ.

මොහු 2018 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ ක්‍රියාත්මක අමෙරිකානු සමාගමක විද්‍යුත් තැපෑලකට අනවසරෙයන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් මිලියන 8කට ආසන්න මුදලක් වංචා කර ඇති බවට එරට පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

ඒ අනුව බ්‍රිතාන්‍යයේ නෝත්වෙල්ස් පොලීසිය සහ එෆ්.බී.අයි ආයතනය එක්ව ඒකාබද්ධව සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම සැකකරු පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ගැට්වික් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබීය.

අදාල චෝදනාවට වරද පිළිගත් සැකකරුට ඊයේ(04) දිනයේ මෙම සිරදඬුවම ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read more

Local News