මාතර සිදුවු රිය අනතුරකින් අයෙක් මරුට

Share

මාතර පොලිස් වසමේ මාතර තංගල්ල මාර්ගයේ එළියකන්ද හංදිය අසල දී තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වු යතුරුපැදි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

 

ඊයේ(04) දහවල් 1.30ට පමණ මෙම අනතුර සිදුව ඇත.

යතුරුපැදියක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අයිනේ දැන්වීම් පුවරුවක ගැටී අනතුර සිදුව තිබේ.

යතුරුපැදිකරු යතුරුපැදිය සමඟ මාර්ගයට වැටී ඇති අතර, එම දෙසටම ධාවනය වු ලොරි රථයකට යට වී බරපතළ තුවාල ලබා ඇත.

පසුව ඔහුව මාතර රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් වු කපුගම, දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය මාතර රෝහලේ තැන්පත් කර ඇත.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News