කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදු කළ මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 157ක ප්‍රමාණයක් සොයා ගන්නා ලදි.
ඊයේ(04) කන්කසන්තුරය මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් නාවික හමුදාව සිදුකළ මෙහෙයුම්වල ප්‍රථිපලයක් ලෙස කේරළ ගංජා කිලෝග්‍රෑම් 157ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා බාරයට ගත් බව වාර්තා වෙයි.
මුහුදු මාර්ග මගින් මෙරටට ගෙන ඒමට උත්සාහ කරනු ලබන මත්ද්‍රව්‍ය, ජාවාරම් කරුවන් විසින් රට අභ්‍යන්තරයට බෙදා හැරීම සඳහා ඉතා සූක්ෂම ක්‍රම භාවිතා කරනු ලබන අතර, එවැනි උත්සහයක් ව්‍යර්ත කරමින් මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
ඒ අනුව කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේදී ඇසුරුම් පහකබහා මුහුද අභ්‍යන්තරයේ සඟවා බෝයාවක් මගින් එම ස්ථානය සළකුණු කර තිබූ, කේරළ ගංජා කිලෝ 43 ග්‍රෑම් 400ක ප්‍රමාණයක් ඊයේ දින දහවල් කාලයේදී සිදු කළ මෙහෙයුමක් මගින් සොයා ගන්නා ලදි.
එසේම එම ස්ථානයේ සිදුකළ වැඩිදුර මෙහෙයුම් මගින් එලෙසම තවත් ඇසුරුම් තුනක ෙසඟවා තිබූ කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 700 ක ප්‍රමාණයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත් විය.
ඊයේ දිනයේදී පමණක් සිදු කළ සාර්ථක මෙහෙයුම් මගින් මෙම කේරළ ගංජා කිලෝග්‍රෑම් 157 ක ප්‍රමාණය සිය බාරයට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට හැකි වී ඇත.



