බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුවෙයි

Share

බණ්ඩාරගම, බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් හමුව ඇති බව බණ්ඩාරගම පොලීසිය පවසයි.

 

පසුගිය 03 දා රාත්‍රී නිවසින් අතුරුදන් වූ 70 හැවිරිද අවිවාහක කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස බොල්ගොඩ ගඟේ රක්ගහ තොටුපළ ආසන්නයේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ බණ්ඩාරගම අලුත්ගම ප්‍රදේශයේ පදිංචි කේ.වී. කරුණාවතී නැමති 70 හැවිරිදි කාන්තාවකි.

පසුගිය 03 දා රත්‍රී තම ඥාතී සොහොයුරිය නිවසින් අතුරුදහන් වී ඇති බවට ඊයේ(04) බණ්ඩාරගම පොලීසිය ලද පැමිණිල්ලකට අනුව සිදුකළ සොදිසි කිරීමකදී මෙම මළ සිරුර හමුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශව බණ්ඩාරගම පොලීසිය විසින් සිදු කරයි.

Read more

Local News