බදුල්ල, කයිලගොඩ ප්රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාල සැකකරු බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොණරාගල නගරයේ ආපනශාලාවක සේවය කරමින් සිටියදී ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධය සමඟ සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇති බවයි පොලිසිය පැවසුවේ.
පසුගිය 28 බදුල්ල පොලිස් වසමේ කයිලගොඩ ප්රදේශයේදී දෙමහල් නිවසක උඩුමහලේ දී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබුණි.
මෙම කාන්තාව දෙමහල් නිවසක උඩුමහලේ රැඳී සිට ඇති අතර මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු පැමිණ අදාල ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය විය.
බරපතළ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිටි කාන්තාව බදුල්ල මහරෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව සදහන්.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 46 හැවිරිදි කාන්තාවක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



