කොරෝනා අසාදිතයින් 10 ක් ජපානයේ නෞකාවක

Share

යොකොහාමා බොක්කෙහි දියමන්ති කුමරියගේ නෞකාවේ සිටි පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

31 දෙනෙකුගෙන් ලබා ගත් සාම්පලවලින් 10 දෙනෙකුට මෙම වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබේ.

නව කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව අද වන විට 492දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 24,000ක්.

කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා චීනය පියවර ගනිමින් සිටිද්දී මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 492ක් බවට පත්ව තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව ඉහළගොස් ඇත්තේ, 24,000 ක් ලෙසින්.

රටවල් 28 කට  කොරෝනා වෛරසය පැතිරගොස් ඇති අතර චීනයෙන් පිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් සහ සිංගප්පුරුවෙන් බවයි වාර්තා වෙයි.

මේ අතර නව කොරෝනා වෛරසය තවමත් වසංගත තත්ත්වයකට පත්ව නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වෛරසයේ පැතිරයාම අභියෝගයක් බවට පත්ව ඇති නමුත් දැනටමත් අනුගමනය කරනු ලබන කි‍්‍රයාමාර්ග හමුවේ වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්විය හැකි බවට විශ්වාස කරන බව එම සංවිධානයේ බෝවන උපද්‍රව කළමනාකරණ අංශයේ අධ්‍යක්‍ෂ සිල්වි බ‍්‍රයන්ඞ් පැවසුවේය.

එසේම වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මුඛ ආවරණ පැළඳීම පමණක් ප‍්‍රමාණවත් නොවන බැවින් නිරන්තරයෙන් දෑත් පිරිසිදු කිරීමට පුරුදු වන ලෙස ඇය ඉල්ලා සිටියි.

මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනයවීමෙන් මියගිය චීන වැසියන්ගෙන් සියයට 80 ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් බව චීනයේ ජාතික කොමිසම අනාවරණ කළේය.

එම පිරිසගෙන් සියයට 75 ක් පමණ කුමන හෝ වෙනත් රෝගයකින් පෙළුනු පිරිමි පුද්ගලයින් බව ද අනාවරණ වී ඇති බව එම කොමිසම වැඩිදුරටත් පැවසුවේය.

Read more

Local News