විරෝධතාවයේ නිරතව සිටින උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් සහ IOC පිරවුම්හල් හිමියන් පිරිස මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය අසල විරෝධතාවයේ නිරතව සිටියි.
එම නිසා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගය වසා දැමීමට කටයුතු කර ඇති බව අප වාර්තාකරු පවසයි.
ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සහ ලංකා IOC සමාගමේ ඉන්ධන පිරවුම්හල්වල අලෙවියට ඇති ඉන්ධන මිල ගණන් අතර පවතින අසමානකම් හේතුවෙන් තම පිරවුම්හල් වෙත පාරිභෝගිකයින්ගේ පැමිණීම දැඩි ලෙස පහළ ගොස් ඇති බවත්, මේ හේතුවෙන් තම ව්‍යාපාර ඉදිරියට පවත්වාගෙන යා නොහැකි මට්ටමකට පැමිණ ඇති බවත් ලංකා IOC ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා ලංකා IOC පිරවුම්හල් හිමියන් පිරිසක් විසින් අද (05) උදෑසන කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ තිබුණි.



