පාසල්වල ඉගැන්වීම් ඉංග්‍රීසියෙන් කරන්න යෝජනාවක්

Share

රට ගොඩනැගීමට නම් සිංහල භාෂාව පාසල්වල අනිවාර්ය විෂයක් පමණක් බවට පත්කර, සෑම පාසලකම ඉගැන්වීම් කටයුතු ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිදුකිරීම ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍ය ලේකම්වරුන්ගේ ජාතික සංවිධානය සඳහන් කරයි.

 

කොළඹ ‘වොන්ඩර්’ හෝටල් පරිශ්‍රයේ අද (05දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා මේ බව පැවසීය.

නිදහස ලැබීමට පෙර මෙරට තුළ ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් වැඩකටයුතු කළ බවත්, නිදහස ලැබීමෙන් අනතුරුව සිංහල සහ දෙමළ ජාතික භාෂාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමෙන් ජාතීන් අතර අසමඟිය හටගැනීම ආරම්භ වූ බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.

Read more

Local News