වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට අදාළ සාමුහික ගිවිසුම්වලට ලබන සතියේ අත්සන් තබන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ ය.
රජයේ වියදම් පියවා ගැනීම සඳහාවන පරිපුරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව හමුවේ මෙම ප්‍රකාශය කළේ ය.



