වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්රදේශයේ දී පොලිස් නිලධාරියෙක් ඝාතනය කර තිබේ.
අද(06) උදෑසන පොලීසියට ලද නිර්ණාමික දුරකථන ඇමතුමක් මත විමර්ශන ආරම්භ කර වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබේ.
එහිදී පුද්ගලයෙකු තුවාල සහිතව එම ස්ථානයේ මිය ගොස් සිට ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පූදුර්, මඩකලපුව ප්රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයෙකු බවට කරුණු අනාවරණය වී ඇත.
තවද මිය ගිය පුද්ගලයා සිටි ස්ථානයට ආසන්නව ඔහුට අයත් ඉඩමක් ද ඇති බවට වැඩිදුරටත් අනාවරණය වී තිබේ.
මඩකලපුව මහේස්ත්රාත්වරයා විසින් මුලික මහේස්ත්රාත් පරීක්ෂණ පවත්වන තෙක් මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇත.
වව්නතිව් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



