අඟුණුකොළපැලැස්සේ රිය අනතුරකින් තරුණයෙක් මරුට

Share

අඟුණකොළපැලැස්ස පොලිස් වසමේ රන්න අඟුණකොළපැලැස්ස මාර්ගයේ බැංකුවක් අසල දී රිය අනතුරක් සිදුව තිබේ.

 

අද(06) අළුයම 2.40 ට පමණ මෙය සිදුව ඇත.

අගුණකොළපැලැස්ස නගරය දෙසට ධාවනය වු ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු පදිකයා අඟුණුකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 24 ක් වු ගුරුපන්විල අරාව, බදුල්ල ලිපිනයේ පදිංචි තරුණයෙකි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය මේ වන විට අඟුණුකොළපැලැස්ස රෝහලේ තැන්පත් කර තිබේ.

අඟුණුකොළපැලැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News