පාර්ලිමේන්තුව අද රැස්වෙයි

Share

පාර්ලිමේන්තුව අද(06) පෙරවරු 10.30 ට රැස්වීමට නියමිතව තිබේ.

 

විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ වන නියමයන් කිහිපයක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතයි.

මේ අතර සමාජයේ දැඩි මතභේදයට ලක්වූ “ හතේ අපේ පොත ග්‍රන්ථය“ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම අද පැවැත් වෙයි.

පෙරවරු 10.00 ට අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීම ආරම්භ වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර පාර්ලිමේන්තු කාරක සභා දෙකක් සඳහා වන සභාපතිවරුන් පත් කිරීම ලබන 7 වනදා සිදුකිරීමට නියමිතව තිබේ.

රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයින් ඊයේ(05) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය.

ඒ අනුව එම කාරක සභා සාමාජිකයින් ලබන 7 වනදා රැස්වන අතර එහිදි සාමාජිකයින්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සභාපතිවරුන් පත් කිරීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එදින පස්වරු 02.00 ට සහ රජයේ ගිණුම්කාරක සභාව පස්වරු 02.30 ට රැස්වීමට නියමිතයි.

Read more

Local News