රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක්

Share

විශ්‍රාමිකයන්ගේ දීමනා කප්පාදුවට එරෙහිව කොළඹදී විරෝධතාවක් පවත්වන බව විශ්‍රාමිකයින්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි.

 

එහි කැඳවුම්කරු මහින්ද ජයසිංහ මහතා කොළඹදී ඊයේ(05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේබව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, දන්නා තරමින් මාර්තු 2 වන දින පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් මස අවසානයේ දී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත් වෙන බවයි.

රාජ්‍ය සේවකයින්ට අනතුරු අඟවන බවත් පැවසු ඒ මහතා, විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරිම තුළ රාජ්‍ය සේවකයින්ට හොඳ කලක් නොඑන බවත් පැවසීය.

Read more

Local News