බස් රථ දෙකක් ගැටීමෙන් පුද්ගලයෙකු මරුට

Share

කන්තලේ, තඹගලමුව ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කන්තලේ රෝහලට ඇතුළත් කර ඇති අතර  ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් පොලිසිය සඳහන් කළේය.

අනතුර සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News