ගර්භණී මවකට නව කොරෝනා වෛරසය ආසාධනය වුවහොත් ඇයගේ කලලයට ද වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට චීන වෛද්‍යවරුන් සැක පළ කරයි.
ඒ, කොරෝනා වෛරසය ආසාදනය වූ ගර්භණී මවක් විසින් බිහිකළ දරුවාට ද නව කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟයි.
මවට කොරෝනා වෛසරය ආසාධනය වුවත් දරුවා උපත ලබා තිබුණේ නිරෝගී දරුවෙකු ලෙසයි.
ඉපදුනු සැනින් එම දරුවා ළමා රෝහලකට ඇතුළත් කර දැඩි අධීක්ෂණය යටතේ රඳවා තැබූ බවයි වෛද්‍යවරුන් පවසයි.
එහෙත් පැය 30 කට පසුව දරුවාටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වූ බව වෛද්‍යවරුන් පැවසුවේය.
ඒ අනුව ගර්භණී මවකගෙන් ඇගේ කුස තුළ සිටින දැරුවාට නව කොරෝනා වෛරසය ආසාදනය වේ නම් එය වෛරසය පිළිබඳ අවධානය යොමු කළ යුතු නව පැතිකඩක් බව ද වෛද්‍යවරුන් පවසයි.
නව කොරෝනා වෛරසය ආසාධනයෙන් මියගිය සංඛ්‍යාව 564 දක්වා ඉහළට
නව කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 564 දක්වා ඉහළ ගොස් තිබේ.
ලෝකය පුරා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 28,000ක්.
රටවල් 28 කට කොරෝනා වෛරසය පැතිරගොස් ඇති අතර චීනයෙන් පිට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ තායිලන්තයෙන් සහ සිංගප්පුරුවෙන්.
එමෙන්ම කෙරෝනා වෛරසය ආසාදනය වු 892 කු මේ වන විට සුවය ලබා ඇති බව ද වාර්තා වෙයි.
වෛරසය පැතිරවීම වැළැක්වීම සඳහා චීනයේ නගර රැසක දෛනික කටයුතු අත්හිටුවා ඇති අතර ජනාකීර්ණ බෙයිජිං අගනුවර සහ ෂැංහයි නගර තුළ දක්නට ලැබුණේ දැඩි පාළු ස්වභාවයක්.
කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයින්ගේ අවමංගල උත්සව නොපැවැත්වීමට චින රජය නියෝග කර තිබේ.
එම නියෝගයේ දැක්වෙන්නේ, මියයන කොරෝනා රෝගීන්ගේ අවසන් කටයුතු රෝහල ආසන්නයේම ඇති සුසානයේදී භූමියේදී සිදුකළ යුතු බවයි.
ආසන්නතම කාලයේදී වූහාන් නගරය ඇතුලු ආසාදිතයන් බහුල නගර වෙත සංචාරය කර, එය සඟවා සිටි පිරිස් අත්අඩංගුවට ගැනීමටත් චීන පොලිසිය කටයුතු කර තිබේ.




