නීති විරෝධි ගිනි අවි බාර දෙන්න 10 දක්වා පොදු සමාකාලයක්

Share

නීති විරෝධීව ගිනිඅවි ළගතබා ගෙන ඇති පුද්ගලයින්ට ඒවා භාරදීමට ලබන 10 වනදා දක්වා පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.

 

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම දැනුම්දීමකින් තොරව සේවය හැර ගොස් ඇති ත්‍රිවිද හමුදා සාමාජිකයින්ටද නියමිත ක්‍රමවේදයට අනුව සේවය හැරයාමට අවස්ථාව ලබා දී තිබේ.

ඒ අනුව, 2019 වසරේ සැප්තැම්බර් මස 30වන දිනට ප්‍රතම නිවාඩු නොමැතිව සේවය හැර ගොස් ඇති ත්‍රිවිද හමුදා සාමාජිකයින්ට අදාල කාලය වලංගු වන බවද ඒ මහතා පැවසීය.

ආධුනික කටයුතු සිදු කළ පුහුණු මධ්‍යස්ථානයට ගොස් අදාල අස්වීම් කටයුතු සිදු කිරීමට නොහැකි නම් තමන් සිටින ස්ථානයට ළඟම ඇති හමුදා කඳවුරට ගොස් සිය අස්වීම් කටයුතු සිදු කළ හැකි බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් නැවතත් සේවයට බැදීමට කැමැත්තක් ඇත්නම් ඒ හා අදාලට කටයුතුද එම ස්ථානයේදීම සිදු කල හැකි බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙලෙස පැමිණේන විට සිය බැංකු පොත සහ ජාතික හැදුම්පත රැගෙන එම අත්‍යාවශ්‍ය  වේ.

Read more

Local News