ඉදිරි මාස දෙකේ දී ආහාර ද්‍රව්‍ය මිල තවත් අඩුවෙයි

සතොස අලෙවි සැල් ජාලයේ පළවැනි මෙගා අලෙවි සැල ඊයේ (05) වැලිසරදී විවෘත කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාය පැවසුවේ,

ඉදිරි මාස දෙකේ දී ආහාර ද්‍රව්‍ය මිල තවත් අඩුවෙන බවත් සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දී පාරිභෝගිකයන්ට හිඟයකින් තොරව සහන මිලට සුලබව ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන බවයි.

ජීවන වියදම් කමිටුව, සතොස, පෞද්ගලික අංශය ඒකාබද්ධව ආහාර ද්‍රව්‍ය මිල අඩු කිරීම සඳහා ඉකුත් මාස කිහිපයක මුළුල්ලේ සිදුකරගෙන පැමිණි වැඩපිළිවළක ප්‍රතිඵලයක් ලෙස පාරිභෝගිකයන්ට මේ අවස්ථාව රජය උදාකර දෙන බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය.

ලෝකයේ ප්‍රචලිත අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට හුරුකරදීමටත් රජය ඉදිරියේ දී ගැනීමට නියමිත වැදගත් පියවරක් පිළිබඳවත් අගමැතිවරයා මෙහි දී ප්‍රකාශ කළේය.

Exit mobile version