ආණ්ඩුව හිතපු තරම් නරක නැති බව මංගල කියයි

Share

වත්මන් ආණ්ඩුව තමා සිතපු තරම් නරක නොමැති නමුත් ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස දැන් කණගාටුවී ඇති බවත් හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පැවැසීය.

 

“මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා දක්ෂයෙක්. ඒත් දක්ෂ නිලධාරීන් කිහිප දෙනෙක් දැන් පූල් එකට දාලා. අපිත් හිඟ බිල්පත් ගෙවන්න කටයුතු කළා.

අපි මේ වසරේ ජනවාරි මාසය වන විට රජයේ සේවකයන්ගේ වැටුප සියයට 208කින් වැඩි කිරීමට නියමිතව තිබුණේ.

2015 වසරේ තිබුණ හිඟ බිල්පත් නොගෙවූවානම් අපිට මහනුවර අධිවේගී මාර්ගය නිම කරන්න තිබුණා.

අපි ආර්ථිකය භාර ගන්නා විට ආර්ථිකය දැඩි සත්කාර ඒකකයේ අන්තිම හුස්ම හෙළමින් සිටියේ. අවුරුදු 4 හමාරකට පස්සේ අපිට ඒක සාමාන්‍ය වාට්ටුවකට මාරු කරන්න පුළුවන් වුණා.දැන් යළිත් ආර්ථිකය ICU එකට දාන්න සිදුවෙලා.”

මෙහිදී උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“සීමාවට වැඩියෙන් ගියොත් වතුර ගහන්න ඕන. බෝඩ් ගැහුවට වැඩක් නෑ.”

Read more

Local News