පාකිස්ථානු ගුවන් හමුදා ප්‍රධානී මෙරට නිල සංචාරයක

Share

පාකිස්ථානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් මුජාහිඩි අන්වර් කාන් මහතා ඇතුළු දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පස්දින නිළ සංචාරයක් සදහා ඊයේ (05) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයින වෙත ළගා විය.

 

අද දින (06) ගුවන් හමුදා මුලස්ථාන පරිශ්‍රයට පැමිණි පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී ඇතුලූ දූත පිරිස ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරි එයාර් වයිස් මාර්ෂල් කැමිලස් ලැබිරෝයි නිලධාරි තුමන් විසින් උණුසුමි ලෙස පිළිගත් අතර පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානිතුමා වෙත ශ්‍රි ලංකා ගුවන් හමුදා වර්ණ පක‍ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.

පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් මුජාහිඩි අන්වර් කාන් මහතා හා ශි්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර නිළ හමුව අද ගුවන් හමුදා මුලස්ථානයේදී සිදුවු අතර මෙම හමුවීම සිහිගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි.

මෙම අවස්ථාව සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින්ද සහභාගී විය.

මේ අතර පාකිස්ථාන ගුවන් හමුදා ප්‍රධානී එයාර් චිෆ් මාර්ෂල් මුජාහිඩි අන්වර් කාන් මහතා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද  පාර්ලිමේන්තු සංකිර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදි නිළ වශයෙන් හමුවිය.

Read more

Local News