මෝටර් රථයක් හා යතුරු පැදියක් ගැටී අයෙක් ජීවිතක්ෂයට

කොළඹ-රත්නපුර මාර්ගයේ ඇහැලියගොඩ නගරයේ දී අවිස්සාවේල්ල දෙසට ධාවනය වු මෝටර් රථයක් ඉදිරියෙන් ගමන්ගත් යතුරු පැදියක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත.

 

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු ඇහැලියගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 48ක් වු ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇහැලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Exit mobile version