අංගොඩ ලොක්කාගේ සහයකයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සහයකයෙකු හෙරොයින් සමඟ මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය මඟින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අංගොඩ ලොක්කා නැමැත්තා සමඟ සමීප සබඳතා පවත්වමින් ඔහු විසින් මෙහෙයවනු ලබන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා සැකකරු සහය ලබාදෙමින් කටයුතු කර ඇති බවට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 25ක් නිලධාරීන් භාරයට ගෙන ඇත.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා මුල්ලේරියාව පොලීසිය වෙත භාරදුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

Exit mobile version