අන්තර් ජාලයෙන් ළමා අපචාර කළ අයෙක් අල්ලයි

අන්තර් ජාලය හරහා ළමා අපචාර සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ශන අංශය මඟින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු පරිඝණක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියාවක නියුතු අයෙකු බව පොලිසියි පැවසීය.

සැකකරු වසර 03කට අධික කාලයක සිට අන්තර් ජාලය හරහා කොළඹ හා අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමුන් රවටා, ඔවුන් බියට පත් කර තර්ජනය කර, නිරුවත් ඡායාරූප සහ විඩියෝ දර්ශන ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

21 හැවිරිදි සැකකරු ඒ සඳහා වට්ස්ඇප්, ඉන්ස්ටර්ග්‍රෑම්, ෆේස්බුක් සහ ස්නැප්චැට් යන ගිණුම් හරහා ළමුන් සම්බන්ධ කර ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

එබැවින් එවැනි සමාජ ජාල ගිණුම් හරහා සිදුකරනු ලබන ඉල්ලීම් සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස පොලිසිය සියලු දෙනාගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version