චීනය පුරා මහත් ව්‍යාසයනක් ඇතිකරමින් ව්‍යාප්තවන නව කොරෝනා වෛරස ආසාදනයෙන් මියගිය පිරිස දහස ඉක්මවාගොස් තිබේ.
ගෙවුණු පැය 24 තුළ, චීනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරණ 103ක් වාර්තා වී තිබුණි.
වෛරස ව්‍යාප්තියේ ආරම්භයත් සමග එක්දිනකදී වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව ලෙසමෙය ඉතිහාසයට එක් වෙයි.
මේ අතර වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 42 200ක් ලෙසින් ඉහළ ගොස් තිබුණි.
මේ අනුව කොරෝනා ආසාදනය හේතුවෙන් චීනයේ පමණක් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1,011ක් වන අතර නව කොරෝනා නියුමෝනියාව හේතුවෙන් සිදුවූ මරණ ගණන අද වනවිට 1,013 ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ නව මරණ 103ක් අලුතින් වාර්තා වීමත් සමඟයි.
එය වෛරසය නිසා දිනක් තුළ වාර්තා වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාවද වෙයි.
ලොව පුරා අද වන විට වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාව 42,200 ඉක්මවා තිබේ.
වෛරසය වැළඳුණු විදේශකයන් 22 දෙනෙකුද චීනය තුළ ප්‍රතිකාර ලබන බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. නමුත් වෛරසයේ ව්‍යාප්තිය 20%කින් පමණ අඩු වී ඇති බව චීන සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.




