ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය “කොවිඩ් 19” ලෙස නම් කර තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව ප්‍රකාශ කර ඇති බව විදෙස් වාර්තා සදහන් කළේය.
මේ වන විට නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් 1016 දෙනෙකු පමණ මියගොස් ඇති අතර ආසාදිතයින් 42,000 ඉක්මවා ඇත.
ඊයේ (11) දිනයේ හුබෙයි පළාතෙන් පමණක් පුද්ගල මරුණ 103ක් වාර්තා වී ඇති අතර නමුත් ජාතික වශයෙන් නව කොරෝනා වෛරස රෝගීන්ගේ සියයට 20ක පමණ අඩුවිමක් පෙන්නුම් කරන බව විදෙස් වාර්තා සඳහන් කළේය.



