රන්ජන් යළි රිමාන්ඩ්

Share

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා යළි පෙබරවාරි 26 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

 

ඒ අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද (12) යලි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන එනු ලැබුවේය.

ඒ ඔහුට එරෙහිව එල්ල වී ඇති අධිකරණ කටයුතු වලට මැදිහත්විමේ චෝදනාවට අදාල නඩු විභාගයට සහභාගී වීම සඳහායි.

අප වාර්තාකරු සඳහන් කළේ මන්ත්‍රීවරයා අද පස්වරු 01කට පමණ අධිකරණය හමුවට රැගෙන ආ බවයි.

මෙම නඩුවට අදාලව රන්ජන් රාමනායක මහතාගේ කටහඬ පරීක්ෂාවක්ද මීට පෙර රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ සිදුකරනු ලැබුවේය.

Read more

Local News