මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් රියදුරු බලපත්‍ර ලබාගැනීමේ දී සිදුවන ප්‍රමාදය මේ වන විට අවම කර ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ඉතා කෙටි කාලයක් තුළ වෛද්‍ය පරීක්ෂණ සහ රියදුරු බලපත්‍ර ලබාගැනීමට මේ වන විට අවස්ථාව පවතින බවයි.
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ(12) එක්විය.
මෙහිදී අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, වේරහැර තත්ත්වය සතුටුදායක බවයි.
ඒ අනුව පැය 3කට අඩු කාලයකින් වෛද්‍ය වාර්තාව සහ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට හැකියාව ඇති බව පෙනී ගිය බවත් පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, සේවය පිළිබඳව මහජනතාව ද සතුටු වන බවත් පැවසීය.
වෛද්‍ය ආයතනයේ ද වෙනස්කම් කීපයක් කර ඇති බව පැවසු ඒ මහතා, යම් යම් වෙනස් කම් කිරීම පිළිබඳ නිලධාරීන්ට ද සිය ස්තූතිය පිරිනැමුවේය.
නුගේගොඩ පවතින වෛද්‍ය ආයතනයෙන් අන්තර් ජාලය තුළින් අංකයක් ලබා ගෙන තම වේලාවට පැමිණ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් විය හැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවත් අමුණුගම මහතා මෙහිදී පැවසීය.



