ඉන්දීය ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා එම පක්ෂයේ ප්‍රධානීන් අතර සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇත.
අදාල සාකච්ඡාවේදී සෝනියා ගාන්ධි තවදුරටත් කොංග්‍රස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කරන්නේ ද නැන්ද යන්න සම්බන්ධයෙන් තීරණය කිරිමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ සඳහා රාහුල් ගාන්ධි පත් කිරීම සම්බන්ධයෙන් අදාල සාකච්ඡාවේදී අවධානය යොමු වනු ඇති.
73 හැවිරිදි සෝනියා ගාන්ධි අසනීප තත්ත්වයේ පසුවිම හේතුවෙන් පසුගිය කාලයේ පක්ෂයේ ක්‍රියාකාරි කටයුතු සඳහා සහභාගී නොවූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.