හෙරොයින් කිලෝවක් සමඟ අයෙක් ගල්කිස්සේ දී අත්අඩංගුවට

Share

හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 15 ක් සැකකරුවෙකු සමඟ විශේෂ කාර්ය බලකාය විසින් ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඊයේ(12) රාත්‍රී 11.10ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලීසියට ඉදිරිපත් කර ඇත.

අත්අඩංගුවට පත් සැකකරු වයස අවුරුදු 22 ක් වු අධියර, බඩෝවිට, ගල්කිස්ස යන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

සැකකරු අද(13) දිනයේ දී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Read more

Local News